රාජිත, දුමින්ද, අර්ජුන, නන්දිමිත‍්‍ර, එම්.කේ.ඞී.එස්. වෙනම සන්ධානයක් හදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

රාජිත, දුමින්ද, අර්ජුන, නන්දිමිත‍්‍ර, එම්.කේ.ඞී.එස්. වෙනම සන්ධානයක් හදයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ගිය ජනපතිවරණයේදී සහාය දුන් ශ්‍රීලනිප ප්‍රබල ඇමැතිවරුන් පස්දෙනකු එ.ජ.නි. සන්ධානයෙන් ඉවත්ව නව සන්ධානයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, අර්ජුන රණතුංග, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන,  යන ඇමතිවරුන් වෙනම තරග වැදීමට සූදානම් වන්නේ යයි පවසන එම ආරංචි මාර්ග ඔවුන් පුරා තෙදිනක් තිස්සේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කර ඇතැයිද කියයි.

එම සාකච්චාවලදී හංසයා ලකුණ යටතේ මැතිවරණයට තරග වැදිය යුතු බවටත් පිරිසක් යෝජනා කරද්දී තවත් පිරිසක් පවසා ඇත්තේ එජාප අලියා ලකුණ යටතේ තරග වැදිය යුතු බවයි. පිහිටුවීමට නියමිත මෙම නව සන්ධානයට ශ‍්‍රීලනිප තවත් පිරිසක් එකතු වනු ඇතැයිද කියැවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad