රනිල්ට ආයෙත් රට දෙන්න එපා - අතුරලියේ රතන හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

රනිල්ට ආයෙත් රට දෙන්න එපා - අතුරලියේ රතන හිමි

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (06 වැනිදා) මාධ්‍ය හමු වක් පවත්වමින් මෙසේ කියා සිටියා.

‘පාර්ලිමේන්තුව තුළ සංහිඳියාව ඇති කිරීමේ සහ නව ආණ්ඩුව තුළින් ජනතා අභිලාෂයන් දිනා දීමේ සියලූ අවස්ථා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කඩාකප්පල් කළා. එම අවස්ථා හිතමතා මඟහරිමින් ඔහු රට අරාජික කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මෙම වරදම කළා. මහින්ද රාජපක්ෂට වඩා රනිල් වික‍්‍රමසිංහ රට අර්බුදයකට රැුගෙන ගියා.
පාර්ලිමේන්තුව තුළ සංහිඳියාව හා ඒකමතිකභාවය නැති කිරීම තුළින් රටට දිනා ගැනීමට තිබූ ජයග‍්‍රහණ බොහෝමයක් මඟහැරුණා.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යහපාලනය පිළිබඳ යම් තරමකින් හෝ පූර්වාදර්ශයක් ලබා දුන් නෑ. මාස හයකට නොහැකිවූ දේ වසර පහකදී ඔහු කෙසේ කරනු ඇද්දැයි ප‍්‍රශ්නයක්.’ මෙම මාධ්‍ය හමුවට ජනතා සේවක පක්ෂ මහලේකම් සෝමවංශ අමරසිංහද එක්ව සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad