එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද ඇතුළු පිරිසට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය තවම පහව ගොස් නැත. අද (7) උදෑසන හිරු ටීවී නාලිකාවේ පුවත්පත් සිරස්තල වැඩසටහනකට ඇමතුමක් දුන් මහින්ද පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු වන ප‍්‍රසන්න රණතුංග කියා ඇත්තේ තමන් ඇතුළු පිරිස මෙම අර්බුදය මැද විකල්ප ක‍්‍රියාමාර්ගයකට සූදානම්ව ඇති බවකි.ඔහු එහිදී මෙසේ කියා ඇත.
‘පහුගිය කාලෙ කණ්ඩායම් දෙකක් ලෙස අපි වැඩ කළ නිසා එකට එකතුවුනාම ගැටලූ එනවා. අපි ඒක විසඳගන්න බැලූවා. ඒත් මහින්ද මහත්තයට නාමයෝජනා දෙන්නෙ නැත්නම් විකල්ප තියනවා.ඒවට අපි සූදානම්. වෙනම තරග කරන්න ලෑස්තිවෙලා තියෙද්දි තමයි එකට එකතු වුනේ. ඕනෑම වේලාවක අපි ඒ විකල්පයට යන්න ලෑස්තියි.
අපිට නං වැඬේ වරදින් නෑ. අපි ස්ථාවරේක ඉන්නවා. අපි ගොඩක් බැලූවේ මේක දෙකඩ කරගන්නෙ නැතිව වැඬේ කරන්න. ඒකයි මහින්ද මහත්තයත් තාම ඉවසන්නෙ. අපිට වැඬේ වරදින් නෑ රටම අපිට. අපි වෙනම හරි ඉදිරිපත් වෙනවා.
ඇත්තටම පහුගිය දවස්වල සාකච්ඡුා හොඳ විදිහට තිබුනා. ඒත් අපේ පක්ෂය ඇතුළෙම ඉන්න සමහර අය අපි එකතු වෙනවට අකමැති මතවාද ගෙන ගියා. ඒවගේම එජාපය නරක විදිහට මෛත‍්‍රිපාල ජනපති තුමාට පීඩනයක් එල්ල කළා. මං හිතන්නෙ අද හෙට ඇතුළත මේ ගැන තීරණයක් ගන්න පුළුවන් වෙයි’ යනුවෙන් ඔහු කියා සිටියා.
මේ අතර අද දෙරණ පුවත් වෙබ් අඩවියේ වාර්තාවකින් කියැවුනේ විමල් ගීගනගේගේ පක්ෂ ලේකම් ධූරයෙන් යුතු අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණේ ‘මල් පොහොට්ටුව‘ ලාංඡුනයෙන් මහින්ද ඇතුළු පිරිස තරඟකරන්නට සූදානමක් ඇති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ අතිබහුතරයක් දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන වාතාවරණයක් තුළ ශ‍්‍රීලනිපය වෙනම තරග කරන්නට යාමේ අදහසක් ගැන ඊයේ වනවිට කතාබහක් පැවතුණ නමුත් ඊයේ සවස විද්‍යුත් මාධ්‍ය ඇමතූ ශ‍්‍රිලනිප ලේකම් අනුර ප‍්‍රියදර්ශන එවැනි සූදානමක් නැති බව කියා තිබුණි.
මේ අතර සුසිල් අනුර යන අයගේ පක්ෂ තනතුරු අහෝසි කරන්නට යන කතාවද සුසිල් පේ‍්‍රමජයන්ත හිටපු මන්ත‍්‍රීවරයා ප‍්‍රතික්ෂේප කර තිබුනේ එවැන්නක් මැතිවරණ නීතිය අනුව පවා මේ අවස්ථාවේ කරන්නට හැකියාවක් නැති බව කියමිනි.
‘මහින්ද සමග නැගිටින්න‘ රැුළි මාලාවේ මීළඟ රැුළිය ජූලි මස 09 වන දින අනුරාධපුරයේදී පවත්වන්නට නියමිතව තිබී පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් මේවන විට එම රැුළිය අවලංගු කර ඇති අතරම එයට අලූත් දිනයක්ද නැත. හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කළ පසු ‘ජාතික හෙළ උරුමය‘ එම සන්ධානයෙන් ඉවත්ව ‘එක්සත් යහපාලන ජාතික පෙරමුණ‘නමින් නව සන්ධානයක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර එය මෛත‍්‍රී පාර්ශ්වය ලැබූ පරාජයකි.
මේ අතර තවත් තහවුරු නොකළ දේශපාලන ආරංචියකින් කියැවුනේ,
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් එම ඇමතුමේදී වචන 4 ක කෙටි ඇමතුමක් දන්වා කට් කර ඇති බවත්ය.
එම වචන 4 ලෙස වාර්තා වන්නේ, ‘ඔයා එන්නේ නැත්නම් හො`දයි’ යන්නයි.
මෙම කතාව ඇත්තක්දැයි තහවුරු කරගන්නට තවම හැකිවී නැති නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිටගෙන් කළ විමසීමක දී ඔහු කියා ඇත්තේ,
‘මම ඊයේ ? දහය එකොළහ වෙනකම් මහින්ද රාජපක්ෂ මහතා එක්ක හිටියා. හැබැයි, ඊයේ ඒ වෙලාව වෙනකම් එහෙම කෝල් එකක් නං ආවේ නැහැ’ යනුවෙනි.
නාම යෝජනා දුන් කතාවෙන් පසු හිටපු ජනපති හා වත්මන් ජනපති අතර කිසිදු හමුවක් හෝ මේ වනතුරු සිදුවී නැත. එජනිසට සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින විවිධ පක්ෂ 15 ක් පමණ සිදුවන්නේ කවරක්දැයි අවිනිශ්චිතව වැට උඩ සිටී. යම් හෙයකින් මෛත‍්‍රී-මහින්ද සුසංයෝගයට බාධා එල්ලවුවහොත් මහින්ද රාජපක්ෂ හිතවාදී පාර්ශවය වෙනත් ප‍්‍රගතිශීලි බලවේගද එක් කරගනිමින් ‘මල් පොහොට්ටුව‘ලකුණ යටතේ තරඟවදිනු ඇති බව මේ වනවිට වාර්තාවන අලූත්ම ආරංචියයි.

No comments:
Post a Comment