විනිසුරු සරත් ආබෲට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

විනිසුරු සරත් ආබෲට ඇප

සිය නිවසේ සේවය කළ කාන්තාවකට පහර දීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටිය දී ගල්කිස්ස අධිකරණයට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (07) නියෝග කළේය.

පැමිණිල්ල ලබන 10 වැනි දා ට කල් තැබිණි.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා තමන්ට පහර දුන් බවට නිවසේ මෙහෙකාරිය පසුගිය 27 වැනි දා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් පසුව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. 

ඡායාරූප - ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad