"එජාපයට සහ ජවිපෙට බලයට එන්න නොදිය යුතුයි" - සෝමවංශ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

"එජාපයට සහ ජවිපෙට බලයට එන්න නොදිය යුතුයි" - සෝමවංශ

ඉදිරියේදී බලයට ඒම නැවැත්විය යුතු ප්‍රධාන බලවේග දෙකක් ඇති බව පවසන ජවිපෙ හිටපු නායක මෙන්ම ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා, ඉන් එක් පක්ෂයක් වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත්, අනෙක් පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, කියා සිටියේ ය.

"අප ගත යුතු මග" යන තේමාවෙන් යුතුව අද කොළඹ දී පැවැති රැස්වීමක දී ඔහු මේ බව කියා සිටි අතර ජවිපෙ කටයුතු ගැන තමන් පෞද්ගලිකවම දන්න නිසා මෙසේ කියන බව අමරසිංහ මහතා එහිදී පැවසුවේ ය. 


එජාපය, ජවිපෙ මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටින අශුද්ධ සන්ධානය ද පරාජය කළ යුතු බව අමරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. රාජපක්ෂ මහතාට නාමයෝජනා ලැබීම අශුද්ධ සන්ධානයට ලොකු ජයග්‍රහණයක් බවත්, එය නැවැත්වීමට ප්‍රබල සහ පුළුල් බලවේගයක් ගොඩනැඟිය යුතු බවත්, ඔහු කියා සිටියේ ය. මෙම අවස්ථාවට අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad