මහින්ද අගමැති කරන අනුරපුර ජන රැලිය කල්යයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

මහින්ද අගමැති කරන අනුරපුර ජන රැලිය කල්යයි 

අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අනුරාධපුර මංගල ජන රැලිය හදිසියේ දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි වාර්තා වේ.

'මහින්ද සමඟ නැඟිටිමු' සටන් පාඨය සමඟ පැවැත්වීමට නියමව තිබූ මේ රැස්වීම එදිනට නොපවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්වරුන් විසින් එම රැස්වීම සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන සිටි අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක හිටපු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සමඟ සාකච්ඡා කොට නාමයෝජනාවලින් පසුව අනුරාධපුර රැලිය සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක මංගල රැලිය ලෙස පැවැත්වීමට බලාපොරොත්තු වන වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad