තමා එක්සත් ජාතික පක්ෂයට කිසිවිටකත් නොයන බවත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.තමාට කාගෙවත් පිටේ ගොස් ඡන්ද ලබාගැනීමට අවශ්‍ය නැති බවත් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන විකුණා ඡන්ද ලබා ගැනීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා පැවසී ය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ අදහස් දක්වමින් මහ ඇමතිවරයා පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් ඒ හේතුවෙන් සන්ධානයේ ඡන්ද වැඩි වන බවත්ය.
එක් එක් අයට කුඩුකාරයා, කැසිනෝකාරයා, එතනෝල්කාරයා යනුවෙන් චෝදනා කළ හැකි වුවද එය කවුරුවත් ඔප්පු කර නොමැති බවත් හොරු දූෂිතයින් සමග තමන්ටද මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් එය ජනතාව තීන්දු කළ යුතු බවත් මහ ඇමතිවරයා පැවසී ය.
එම චෝදනා ලබන පුද්ගලයින්ට එම පක්ෂයෙන් නාමයෝජනා නොදුන්නද අනෙක් පක්ෂයෙන් ඔවුන් ඇති ජනබලය ගැන සිතා නාමයෝජනා ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එම හඩපටය පහතින්
Source : Asianmirror
No comments:
Post a Comment