ටිරාන් 10වැනිදා තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ - නීතිපති උසාවියට දන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

ටිරාන් 10වැනිදා තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ - නීතිපති උසාවියට දන්වයි

රාඩා ආයතයේ මුදල් අක්‍රමිකතා පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ලබන 10 වැනිදා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවටත් ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සඳහන් කරමින් ටිරාන් අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව පැවැසීය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ අනිල් ගුණරත්න යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබිණි.

එම පෙත්සම මීට පෙර සලකා බැලූ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේම එය නැවත කැඳවන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පෙත්සම ලබන 10 වැනිදා තෙක් කල් තබන ලදී. 

No comments:

Post a Comment

Post Bottom Ad