කුකුළත් අරන් හැමදාම තමන්ගේ ඡන්ද ටික දේශපාලන වෙන්දේසියේ දාන කදුරට බලවතා මේ පාර පනින්න ඕන අත හොයාගන්න ලොකු ට‍්‍රයි එකක් දෙනවලු.
කොහොමහරි මුන්නැහේ වැඩියෙන් සෙනඟ ඉන්න පැත්ත තෝරගෙන ඒ පැත්තට පනින්න යනවයි කියන ආරංචිය ලැබුනම ඇස්.බී. තුමා කතා කරලා කොහේවත් යන්න එපා, අපිත් එක්කම ඉන්න කිව්වලු.
නමුත් කුකුළා අයිති කාරයා සාමාන්‍යයෙන් තමන්ට පඩුරු පාක්කුඩම් ලැබෙන විදිහට තමයි හැමදාම ඡන්ද වලට ජැක් ගැහුවෙ. උන්නැහේ බලාගෙන හිටියේ මේ පාර කුකුළත් අරන් අලියා පිට නගින්නලු. ඒත් අලි පාටියෙන් කිසිම කැදවීවක් වත් ප‍්‍රතිචාරයක් වත් නැති නිසා හරිම අප්සට් එකේ ඉන්නවාය කියලයි ආරංචි.

No comments:
Post a Comment