ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරු සිව් දෙනෙකු ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.ජපානය සදහා තානාපතිවරයෙක් ද, කෙන්යාව, ඝානාව, සිංගප්පූරුව සහ සීෂෙල් රාජ්‍ය සදහා මහකොමසාරිස්වරුන්ද පත්ව සිටි.
ඒ අනුව ෆ්ලෝරන්ස් ඉමිසා වීඩේ මහත්මිය - කෙන්යානු මහ කොමසාරිස්වරිය ලෙසත්, සැමුවෙල් පැන්යින් යැලි මහතා ඝානා මහ කොමසාරිස්වරයා ලෙසත්, එස්.චන්ද්‍රදාස් මහතා සිංගප්පූරු මහ කොමසාරිස්වරයා ලෙසත්, ෆිලිප් ලේ ගේල් මහතා සීෂෙල් මහ කොමසාරිස්වරයා ලෙසත් පත්ව තිබේ.
කෙනිචි සුගනුමා මහතා ජපාන තානාපතිවරයා ලෙස පත්ව ඇත.
No comments:
Post a Comment