තොන්ඩමාන් හැටන් නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

තොන්ඩමාන් හැටන් නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ඊයේ (07) රාත‍්‍රී 12.00 ට පමණ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු මංසන්ධියේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර එම සත්‍යග‍්‍රහය අද (08) අළුයම 05.00 ට අවසන් කර තිබේ. 

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවස්ථා කීපයක දී පැවති සාකච්ඡා අසාර්ථකවීමත් සමගම අදට (08) දින 03 කට ඉහත දී වතු කම්කරුවන් විසින් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබී ය.

එම සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් වතු සමාගම් විසින් අද (08) සිට තේ කර්මාන්ත ශාලා තාවකාලික ව වසා දමා වතු කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. වතු කම්කරුවන් ආරම්භ කළ සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් වතු පාලකවරුන් තේ කර්මාන්ත ශාලා වසා දැමීමට ගත් පියවරට එරෙහි ව මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කළ බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළට තේ අපනයනය කරන අනෙකුත් රටවල් සමග ශ‍්‍රී ලංකාවේ තේවලට තිබෙන අභියෝග හමුවේ හා තේ කිලෝවක මිළ ඉහළ නොයෑම, තේ කිලෝවක නිෂ්පාදන මිළ ඉහළ යෑම යන කරුණු හේතුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වතු කම්කරුවෙකුගේ දැනට ගෙවන රුපියල් 485.00 දෛනික වැටුප රුපියල් 550 දක්වා සියලුම දීමනා සමග සතියට දින 03 ක් වැඩි කිරීමටත් සෙසු දිනවල දැනට කඩන අමතර අමු තේ දළු කිලෝවක් සඳහා ගෙවන රුපියල් 25.00 මුදල රුපියල් 40.00 දක්වා වැඩි කිරීමටත් කළ යෝජනාව වතු ඒකාබද්ධ සමිතිය මගින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථක වී තිබේ.

ඊයේ (07) රාත‍්‍රියේ සිට ආරම්භ කළ සත්‍යග‍්‍රහයට ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම්, මධ්‍යම සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

හැටන් - රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad