විදේශ කාර්යාංශයේ මූල්‍ය වංචාවකට තිදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

විදේශ කාර්යාංශයේ මූල්‍ය වංචාවකට තිදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය ගණුදෙනුවකදී වංචා කළ බවට චෝදනා ලැබූ තිදෙනෙකු ඊයේ (07) පස්වරුවේදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මංගල දන්තනාරායන, ප්‍රභාත් එදිරිසිංහ හා අසේල යන තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පසුගිය රජය සමයේ මෙම වංචා සිදු කර ඇති අතර එම සැකකරුවන් අද (08) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad