දුමින්දට, මර්වින්ට, සජින්ට හා සරණට නාම යෝජනා නැති වෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

දුමින්දට, මර්වින්ට, සජින්ට හා සරණට නාම යෝජනා නැති වෙන ලකුණු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් වන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, සරණ ගුණවර්ධන යන සිව්දෙනාට මෙවර මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම‍යෝජනා මණ්ඩල එකඟතාවය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ(07) රාත්‍රී පැවැත්විණි.

එහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවී ඇත්තේ දූෂණ චෝදනා එල්ල වූ අයට නාමයෝජනා ලබානොදීම සම්බන්ධයෙනි. ඒ අනුව 20කට ආසන්න පිරිසකට සන්ධානයෙන් නාමයෝජනා හිමිනොවන බවට වාර්තා වේ.

මේ අතර දූෂණ චෝදනා එල්ල වී ඇති තවත් හිටපු මන්ත්‍රීන් 10 දෙනෙකු ගැන ද එහිදී අවධානය යොමුව ඇති අතර ඒ අතර ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලංසා සහ එස්.එම් චන්ද්‍රසේන අය ඊට ඇතුළත් බව පැවසේ.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද එය කල් දමා තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad