හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට කිසිදු කොන්දේසියක් පනවා නැති බවත් එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ අද (08) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන්නේ කොන්දේසි අනුවදැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකදී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ කිසිම කොන්දේසියක් පනවා නැති බවයි.
එහිදී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙලෙස අදහස් දැක්වීය. ‘කල්ලි, කණ්ඩායම් දැන් නැහැ. සභාපතිතුමා පක්ෂය මෙහෙයවනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ. මම කියනදේ ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකියි.‘
හිටපු ජනපතිට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළ වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසූවේ එහෙම දෙයක් නැති බවයි. එම මාධ්‍ය හමුවේදී ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසූවේ සමහරුන්ට නාමයෝජනා නොලැබෙන බවයි.

No comments:
Post a Comment