ශ්‍රීලනිපයෙන් ගිය එස්.බී නාවින්න එජාපයෙන් නාමයෝජනා අත්සන් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

ශ්‍රීලනිපයෙන් ගිය එස්.බී නාවින්න එජාපයෙන් නාමයෝජනා අත්සන් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බී නාවින්න මහතා ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා අද (08) නාමයෝජනා අත්සන් තබා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බැවින් විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව එස්.බී. නාවින්න මහතා පැවසී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හා සන්ධානයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස්.බී. නාවින්න මහතා පසුගියදා එක්සත් ජාතික පක්ෂයට එක්විය.

ඉන් අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා ලැයිස්තුවට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (08) අත්සන් තැබීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ (07) දිනයේදී එජාප පක්ෂ මූලස්ථානයේදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, රන්ජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් නාමයෝජනා සඳහා අත්සන් තැබූ අතර අද (08) දිනයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නාමයෝජනා සඳහා අත්සන් තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad