එළැඹෙන මහමැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම දින 03ක දී සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ගුරුවරු සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 03 දා සිදු කෙරේ.
සෙසු රාජ්‍ය ආයතන සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 05 සහ 06 වැනි දා සිදු කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.
අයැදුම්පත් භාරගැනීම එළැඹෙන 14 වැනි දා අවසන් වේ.
තැපැල් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු 0112868441, 0112868442, 0112868443 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

No comments:
Post a Comment