මහින්ද පාර්ශවය තීරණාත්මක සාකච්ඡාවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

මහින්ද පාර්ශවය තීරණාත්මක සාකච්ඡාවක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේන් අවහිරයකින් තොරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරිමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තිරණයක් ගැනිමට තමන්ට සිදුවන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය අවධාරණය කරයි,ඒ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

නමුත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදුකරන අනවශ්‍ය ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් අවසන් තින්දුව ගැනිම සදහා මෙම තිරණාත්මක සාකච්ඡා සිදුකරමින් සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad