මහින්දගෙන් හෙට ප්‍රකාශයක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

මහින්දගෙන් හෙට ප්‍රකාශයක්? (VIDEO)

ජනතාව පීඩනයෙන් මිදීමට කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) මහනුවරට පැමිණ ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. 

මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අඟහරුවාදා ප්‍රකාශයක් සිදුකරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ ලබන අඟහරුවාදා ඒ පිළිබද දැනගැනිමට හැකි වනු  ඇති බවයි.  

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටින මන්ත්‍රීවරුන්ට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බවට පැතිර යන ප්‍රචාරයක් සම්බන්ධයෙන් ද ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන් කළේ ‘එය වේලාවට බලමු‘ යන්නයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad