මහින්දට අගමැති අපේක්ෂකත්වය ලබා දීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

මහින්දට අගමැති අපේක්ෂකත්වය ලබා දීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක් 

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද(29) පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සාකච්ඡාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සහ නිමල් සිරිපාලද සිල්වා මහතාද සහභාගිවීමට නියමිතය.  

ඉදිරි මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලබාදෙන්නේ දැයි අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයිද වාර්තා වේ.

සුසිල් පේ‍්‍රමජයන්ත් සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඉකුත් දිනවල විදේශගත වී සිටින අතර ඔවුන් අද උදෑසන මෙරටට පැමිණීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad