'අපි සටනට ලෑස්තියි' - මහින්දට රනිල්ගෙන් අභියෝගයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

'අපි සටනට ලෑස්තියි' - මහින්දට රනිල්ගෙන් අභියෝගයක් (VIDEO)

හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල - ගලේවෙල ප්‍රදේශයේ ඊයේ (28) පැවති උත්සවයකට එක්වෙමිනි. 

තමන් සටනට සූදානම් යෑයිද එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා සටනට එනවාද, පැනලා යනවාද කියා තමා දන්නේ නැති බවද ඔහු එහිදී කියා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ රෙජීමය පරාජය කළ බවත් මෙවර මහ මැතිවරණයෙන් පැමිණි පසු වළලා දමන බවත් අගමැතිවරයා පැවසී ය.

මහින්ද රාජපක්‍ෂ මහතාට වසර දහයක්‌ කරන්න බැරි වූ දේ තම ආණ්‌ඩුව ඉටුකරන බවද, තරුණ තරුණියන්ට හොඳ අනාගතයක්‌ ඇති කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad