අලුත් ඡන්ද ක්‍රමේ ගැන කතා කරන්න මහලේකම් කන්තෝරැවට කැඳවපු සංවිධාන 41 රුස්වීමෙදිලු මේක වුණේ. ආණ්ඩුව ඇතුළෙ ප්‍රතිවිප්ලවයක් පටන් අරන් කියල අලිපාටියෙ කස්ටිය කරන කතාවක් මුල්කරගෙන ඇතිවෙච්ච වේගවත් කතාබහකදී අර සභාපතිතැන අලි පාටිය ගැන විවේචනයක් කළාලු.
මේක අහගෙන ටිකක් වෙලා ඉවසගෙන බලා හිටපු රටේ දෙවැනි මහත්තය ඒ සභාපතිතැනට අමතක නොවන සැර උත්තරයකින් සංග්‍රහ කළා කියල ආරංචියි. “ඔහේ අපිට දේශපාලනේ උගන්වන්න එන්න එපා… මම 1977 ඉඳල පාර්ලිමේන්තුවෙ ඉන්නව. තුන් පාරක් අගමැති හැටියට වැඩ කළා.
මට උගන්වන්න හදන තමුන් ප්‍රාදේශීය සභාවකටවත් ගිහින් තියෙනවද? තමුන්ට ප්‍රාදේශීය සභා ඡන්දයක් දිනාගන්න පුළුවන්ද කියල දෙවැනි මහත්තය මේ සභාපතිතැනට මතක හිටින්න දෝස් මුරයක් දැම්මලු.
උන්නැහේ කටවහගෙන පැත්තකට වුණාලු.

No comments:
Post a Comment