මහා මැතිවරණයේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙහෙය විමේ සම්පුර්ණ බලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතට පත්කර තිබේන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු සදහන් කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුම සාර්ථක අතට පත්ව තිබේන බව මෛත්‍රීපාල සිරිසේනට පෙනෙන්නට තිබේන නිසා මෛත්‍රීම එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැර දමා තිබේ.
ඒ අනුව මේ දිනවල විදේශ සංචාරයක නියැලෙමින් සිටින එක්සත් .ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙට රාත්‍රී දිවයිනට පැමිනිමෙන් පසුව අගහරුවාදා සන්ධාන විධායක සභාව කැදවා එම තින්දුව දැනුම් දිමට නියමිතයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සඳහා සාමාජිකයෝ 37 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඉන් 25 දෙනෙක් සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වන අතර සෙසු පිරිස සන්ධානයේ සෙසු ප්‍රධාන පක්ෂ ලෙස සැලකෙන සමසමාජ පක්ෂය,කොමියුනිස්ට් පක්ෂය,දේශ විමුක්ති ජනතා පක්ෂය,මහජන එක්සත් පෙරමුණ හා මහජන පක්ෂය යන පක්ෂවලට අයත් වෙති.
මින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 25 දෙනාගේ බහුතරය හා සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බහුතරය ද මහින්ද කණ්ඩායමට කලින් ලැබි තිබු අතර පසුගිය 25 වැනිදා මහින්ද -මෛත්‍රී හමුවෙන් පසුව සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග එම සංඛ්‍යාව 31 දක්වා ඉහල ගොස් තිබේ.
ඒ නුව තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනිම පලක් නොමති බව මෛත්‍රී වාදින් පෙන්වා දි තිබේ.ඒ හේතුවෙන් ලැජ්ජාවෙන් ගැලවිම සදහා තමන් සන්ධානය මහින්දට ලබාදුන් බවට ඇඟවීමට මෛත්‍රී සුදානමින් සිටින බවද වාර්තා වේ.
Source By : lankanewsweb.today
Sunday, June 28, 2015
එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම මහින්ද අතට -මෛත්‍රී පසුබසි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment