දේශපාලනයට එන්න හදන ක්‍රීඩකයින්ට මුරලිගෙන් දුස්රාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

දේශපාලනයට එන්න හදන ක්‍රීඩකයින්ට මුරලිගෙන් දුස්රාවක්

හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩකයින් දේශපාලනයට පිවිසීම ගැන යුනිසෙෆ් මගින් සංවිධානය කළ උත්සවයකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්න හමුවේ අදහස් දක්වා තිබෙනවා.

ප‍්‍රශ්නය - ඔබට දේශපාලනයට එන්න කියලා ආරාධනා ලැබුණාද?

මුරලිදරන් - මට ආරාධනා ලැබුණත්  මම ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වන්නේ නැහැ. දේශපාලනය කිරීමෙන් ක‍්‍රීඩකයන්ගේ ප‍්‍රතිරූපයට හානි වනවා. ඒ නිසා මම ඡන්දවලට කොයි පක්ෂයකින්වත් එන්නේ නැහැ.කවුරුවත් එන්නත් එපා.

ප‍්‍රශ්නය - සුපිරි ක‍්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට කතාවක් තියෙනවා. ඒ ගැන ඔබ දන්නවාද?

මුරලිදරන් - කුමාර් සංගක්කාර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. එයා මේ වන විටත් විදේශ රටක් සමඟ ක‍්‍රීඩා කිරීමට වසර දෙකක ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. සංගක්කාර දේශපාලනයට එනවා කියන එක කතාවක් පමණයි.

No comments:

Post a Comment

Post Bottom Ad