වාසුගේ ‘ප‘යන්නෙන් ත්‍රිරෝද රියදුරෙකුගෙන් තවත් ත්‍රී රෝද රියදුරකුට සංග්‍රහයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

වාසුගේ ‘ප‘යන්නෙන් ත්‍රිරෝද රියදුරෙකුගෙන් තවත් ත්‍රී රෝද රියදුරකුට සංග්‍රහයක්..

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ඇමතීමට යොදාගත් ‘ප‘යනු ප්‍රකාශයෙන් ආදර්ශයක් ලැබූ ත්‍රී රෝද රියදුරෙක් මහරගමදී ඉරිදා සන්ධ්‍යාවේ තවත් ත්‍රී රෝද රියදුරකුට සංග්‍රහ කළේය.

තම වැයික්කියට අනවසරයෙන් පැමිණ සෙනග පටවාගෙන යාම ඊට හේතුව බව ඔහුගේ අමු තිත්ත කථාවේ සාරාංශය විය.

දෙනෝදාහක් මැද ඔහු කිසිම ලජ්ජාවක් නැතිව කුණුහරුප ඇද බෑවේ මහරගම නගර සභාවේ කුණුගොඩ ඉසව්වේය. හරි වැරදි කියා දෙන්නට
කිසිවෙක් ඉදිරිපත් නොවුණි. අධීවේගී බස්වලින් එන මගීන් පාරේ යන ත්‍රී රෝද රියවලට අත වනා ඉක්මනින් ගෙදර යාමට යුහුසුළු වෙති.

වාසුගෙන් ණයට ගත් ‘ප‘යන්න වීරයකු මෙන් කිහිපවරක් කිසිම ලජ්ජාවකින් තොරව ඇද බෑ එම පුද්ගලයාට පාරේ ගිය සෙසු ත්‍රී රෝද රථ රියදුරන්ද බියවූ බවක් පෙනිණි. එක් රියදුරකු කීවේ බල්ලන් සිය හතර මායිම ලකුණු කරගෙන වෙනත් කිසිම බල්ලකුට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad