ඉඳුවරී ටෙලි නාට්‍යයේ ටෙලි නළුවෙකු පිහිපහරකින් මරු වැළඳ ගනී....! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

ඉඳුවරී ටෙලි නාට්‍යයේ ටෙලි නළුවෙකු පිහිපහරකින් මරු වැළඳ ගනී....!

මහරගම ප‍්‍රදේශයේ අවන්හලක අද උදෑසන ඇති වූ ගැටුමකින් රංගන ශිල්පියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති ඉන්දික ප‍්‍රදීප් රත්නායක මහතා මෙලෙස මියගොස් ඇති බවයි. 

වැඩිදුර කරුණු දැක්වුවා පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද උදෑසන 4.30ට පමණ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමකින් පසුව ප‍්‍රතිපාර්ශ්වය විසින් එල්ල වූ පිහි පහරකින් තුවාල ලබා සිටි ඉන්දික ප‍්‍රදීප් මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. 

මේ අතර පන්නල නාගහගන්ද ප‍්‍රදේශයේ සිදු වූ පහරදීමකින්ද පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35ක් පමණ වූ පුද්ගලයෙක්. 

දෙපාර්ශ්වයක් අතර බීමත්ව ඇති වූ බහින්බස්වීමකින් පසු අදාළ ඝාතනය සිදුව තිබෙනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.  

2013 වසරේදී මෙම රංගන ශිල්පියා විසින් කාණ්ඩ අංක දහතුනක් යටතේ රුපියල් දාහේ ව්‍යාජ නෝට්ටු එකසිය පනස් එකක් අඩංගු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසක මුදලක් මහරගම තැපැල් කන්තෝරුව අසලදී මාරු කිරීමට යාමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ඉඳුවරී ටෙලි නාට්‍යයේ ඔහුට ලැබී තිබුන චරිතය මෙසේය .



No comments:

Post a Comment

Post Bottom Ad