ජනසෙත පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තව මාස දෙකක් පමණ ප‍්‍රමාද වූවානම් සුදුසුයැයිද ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ ඒ බව සදහන් කළේ ඊයේ (27) මීරිගම සතිපොල භූමියේ දී ජනතාව හමුවී දැනුම්වත් කිරීමේ අත් පති‍්‍රකා බෙදීමේ අවස්ථාවේදී ජනතාව අමතමිනි.
එහිදී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ. "ආණ්ඩුව විසුරුවා හැරියා. හොරු ඔක්කොම යලි බලය ගන්න බලනවා. පක්ෂවලින් නාම යෝජනා දුන්නත් එතනෝල්, කුඩුකාරයන්, දූෂකයන්, මීනීමරුවන් මංකොල්ලකාරයන් යළි පාර්ලිමේන්තු යවන්න එපා.
අද අගමැති වෙන්න පොරයක් තියෙනවා. පක්ෂ නායකයෙක් වන මම අගමැතිකමට සුදුසු නැතිද? භික්ෂූවක් ජනතාවගේ දේපල මංකොල්ල කන්නේ නැහැ. ජනසෙත පෙරමුණත් එහෙමමයි. රට සංවර්ධනය කරා ගෙනයන්න අපි එකමුතු වෙමු. අද මුලු රටම කැද හැළියක් වෙලා ඉවරයි.“
“මෛතී‍්‍ර දින 100 ට වැඩ කොටසක් කළා. විසිවැනි සංශෝධනයට යූ.එන්.පීයත් සුලු පක්ෂත් කැමැති නැහැ. ජනතාව ආරක්ෂා කරන්නට කැපවුනු අයට විතරක් මේ මැතිවරණයේදී ඡුන්දය දෙන්න. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්තරා කුමණ්ත‍්‍රනයක්.
අපරාදයක්. හොරු මංකොල්ල කාරයො ඇල්ලන එක මෙතනින්ම නතර වෙයි. තව මාස දෙකක් විතර ගියා නම් හොදයි“ යැයිද ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

No comments:
Post a Comment