ඉදිරි මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම තරග කරන බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වන පෙරමුණෙන් ජාතික නිදහස් පෙරමුණ ද තරග කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තමා එම සුපුරුදු පරිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම සම්බන්ධයෙන් එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සමඟ සාකච්ඡාකර තීරණයක් ගන්නා බවත් ඔහු මේවන විට විදේශ ගතවී සිටින බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පැමිණීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එජාපයට වුවමනාවක් තිබූ බවත් බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුව විමර්ශනය සිදු නොකලේනම් ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකරන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment