මහින්දට ඕන එජාපයට බලය දෙන්න - අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

මහින්දට ඕන එජාපයට බලය දෙන්න - අර්ජුන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට නම් හිටපු ජනාධිපති නිහඬව සිටිය යුතු බවත් ඔහුට අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.  

ඔහු මේ බව පැවසූවේ ඊයේ (27) අත්තනගල්ල වේවැල්දෙනිය නාසෙවණ නිවාඩු නිකේතනයේ පැවැති ජන හමුවක් අමතමිනි. ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉඩ දිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ. 

“අද අපිට මැතිවරණයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයෙන් ඉතාමත් බුද්ධිමත්ව කල්පනා කරලා හොරු නැතුව, කුඩු කාරයෝ නැතුව, කැසිනෝ කාරයෝ නැතුව, බුකි කාරයෝ නැතුව, එතනෝල් කාරයෝ නැතුව නිවැරදි පුද්ගලයෝ පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 

මම දන්නවා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය. හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයේදී ඡන්දේ ඉල්ලුවොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවට ආවොත් මේ රටේ සුළු ජාතීන් විතරක් නෙමෙයි බුද්ධිමත් සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ඡන්දය දේවි.“ 

“අනෙක් පැත්තෙන් එතුමා ගියොත් එතැනදීත් වෙන්නේ පක්ෂය පරාජය වන එක. එතුමාට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරදවලා එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න. ඒ නිසා එතුමා පක්ෂයට ආදරේ නම් කරන්න පුළුවන් හොඳම දේ, ටික කාලයක් පැත්තකට වෙලා ඉන්න එක.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  

No comments:

Post a Comment

Post Bottom Ad