කල්පිටියේ සංචාරක හෝටලයක් ගිනි ගනී   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

කල්පිටියේ සංචාරක හෝටලයක් ගිනි ගනී  

කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්‍රී 10.30ට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.

එම ගින්නෙන් එහි කබානා 17ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ගින්න හටගන්නා අවස්ථාවේ ඇතැම් කබානාවල සංචාරකයින් රැඳි සිටි නමුත් ඔවුන්ට හානි සිදුවී නොමැති බවත් පොලිසිය පැවසීය.

මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැක කරන බවත් කල්පිටිය පොලිසී සඳහන් ක‍ළේය. ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

ඡායාරූප - ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad