මෙම හමුව සිදුව ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ නුගේගොඩ - මිරිහානේ පිහිටි නිවසේදීය. එම හමුවෙන් අනතුරුව හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ “ජනතාවට අපි කියනවා ලෑස්ති වෙන්න කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අගමැති කරන්න.“
ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්. පීරිස්, ලොහාන් රත්වත්තේ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් හා පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව පිටතට පැමිණි කුමාර වෙල්ගම අමාත්‍යවරයා කියා සිටියේ තමන් යළි අගමැති වන බවත්, බිය නොවී සිටින ලෙසත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

No comments:
Post a Comment