නාමල්ගේ බිරිඳ රුවන්ති මංගලා 'දේශපාලන දීගයකට' සුදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

නාමල්ගේ බිරිඳ රුවන්ති මංගලා 'දේශපාලන දීගයකට' සුදානම්

ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිණී රුවන්ති මංගලා මහත්මිය ඉදිරි  මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීම සඳහා නාම යෝජනා ඉල්ලා තිබෙනවා.

අද (30)පෙරවරුවේ ඇය නාම යෝජනා ලබා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට ද පෙනී සිටියා. තමන්ට මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට සඳහා අවස්ථාව හිමිවේ ද යන්න නොදන්නා බවයි රුවන්ති මංගලා මහත්මිය nethfm වෙත සඳහන් කළේ.

මීට පෙර පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම වෙනුවෙන් නාම යෝජනා ලබා ගැනීමට ද ඇය උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. එම අවස්ථාවේ දී සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් තමන් තුළ දුකක් නොමැති බව කී මංගලා මහත්මිය තමන් මැතිවරණයට තරග කිරීමට සූදානම් වූයේ ජනතාවට සේවය කිරීමට වන බවත්, නාම යෝජනා නොලැබුණද ඉදිරියේදී තමන් ජනතාවට සේවය කරන බවත් අවධාරණය කළා.



Source : Nethfm

No comments:

Post a Comment

Post Bottom Ad