බොරු බොරු කිව්වට - කොළඹ සුපිරි නිවසෙකදී මහින්දයි මෛත‍්‍රීයි ඇත්තටම හමුවුණ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

බොරු බොරු කිව්වට - කොළඹ සුපිරි නිවසෙකදී මහින්දයි මෛත‍්‍රීයි ඇත්තටම හමුවුණ හැටි

පසුගිය සතියේ පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර ලංකාවේ ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබුණ කතානායක නිල නිවසේදී සිදුවූ මහින්ද මෛත‍්‍රී රහසිගත හමුව දෙපාර්ශ්වය විසින්ම මාධ්‍ය නිවේදන මගින් ප‍්‍රතික්ෂේප කර තිබුණද එම සිදුවීම ඇත්තක් බව මේ වනවිට ලැබෙන ආරංචි මගින් අනාවරණය වෙනවා.

අද මව්බිම සතිඅන්ත පුවත්පත වාර්තා කරන ආකාරයට
මහින්ද හා මෛත‍්‍රී ලෙස දෙකට බෙදුණ ශ‍්‍රීලනිපය පාර්ලිමේන්තුව විසුරුවීමෙන් අනතුරුව ඡුන්දය ඉල්ලන විදිහ පිලිබඳ තීරණාත්මක සාකච්ඡුාවක් සිදු කරන්නට මේ දෙදෙනා හමුවී තිබුනේ 
කතානායක නිල නිවසේදී නොව වෙනත් ප‍්‍රකට නිවසකදීය.

මෙම සාකච්ඡුාවට පසුබිම සැකසුවේ මහින්ද මෛත‍්‍රී දෙදෙනා සමගි කරවීම වෙනුවෙන් දෙපැත්තේම ක‍්‍රියාත්මක වූ කන්ඩායම්ය.
එම සාකච්ඡුාවට පසුබිම වැටුනේ පසුගිය බදාදාය.ඒ වන විට මෛත‍්‍රිගේ පාර්ශ්වයෙන් එකතුවූ කණ්ඩායම එවැනි හමුවකදී ඉදිරිපත් කරන කොන්දේසි සකසා ඇත.

ඔවුන් මහින්දට අනාගතයේ සම්භාවනීය තනතුරක් ලබාදෙන්නට යෝජනාවක් මතුකර තිබේ. මහින්ද එම යෝජනාවට එකඟ වී පක්ෂයේ ජයග‍්‍රහණයට සහයෝගය දක්වන්නේ නම් දැනට තමාටත් පවුලේ ඥාතීන්ටත් එල්ල වී ඇති චෝදනාවන් ඉදිරියට ගෙන නොයෑමට මෛත‍්‍රී පාර්ශ්වය කැමැත්තදී ඇත. 

නාමල්ට පක්ෂය ඇතුළේ ඉදිරියට ඒමට අවස්ථාවක් ලබා දීමටද මෛත‍්‍රි පාර්ශ්වයෙන් මහින්දට යෝජනා කර ඇත. මහින්ද වෙනුවෙන් සාකච්ඡුාව සූදානම් කළ අය මහින්දට ශ‍්‍රී ල.නි.ප.යේ අගමැති අපේක්ෂකත්වය ඉල්ලා සිටීමට හා එකඟ නොවන්නේ නම් ඔහු වෙනම තරග කිරීමට සූදානම් බව දන්වන්නට බලාපොරොත්තුවී ඇත.

ඒ අනුව බ‍්‍රහස්පතින්දා (25දා* දහවල් වන විට මෛත‍්‍රි පාර්ශ්වයෙන් ඉතා රහසිගත පණිවුඩයක් මහින්දගේ පාර්ශ්වයට ලැබුණු අතර ඉන් කියැවුණේ කොළඹ එක්තරා සුපිරි නිවෙසකදී මහින්ද මුණ ගැසීමට මෛත‍්‍රි සූදානම් බවත්, බ‍්‍රහස්පතින්දා රාත‍්‍රි 10ට එම හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවත්ය. 

සකච්ඡුාව සඳහා පරිබාහිර පුද්ගලයන් කිසිවකුත් සහභාගි නොවිය යුතු බවටද එහිදී මහින්දගේ පාර්ශ්වයට දැනුම්දී ඇත. බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ බස්නාහිර මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවෙසේදී මහින්දගේ කණ්ඩායමට රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් සූදානම් කොට තිබුණද එහිදී හෝ මහින්ද - මෛත‍්‍රි හමුව  පිළිබඳව කෙළ බිඳක් හෝ එහා මෙහාවී නැත.

භෝජන සංග‍්‍රහය යන අතරතුරේ හරියටම 9.45ට පමණ මන්ත‍්‍රිවරුන්ගෙන් සමුගත් මහින්ද තමාට විශේෂ හමුවීමකට යෑමට ඇති බව පවසා එම ස්ථානයෙන් පිටව ගියේ නැවතත් අදාළ සාකච්ඡුාවෙන් පසුව භෝජන සංග‍්‍රහයට සම්බන්ධවන බවට පිරිසට දැනුම් දෙමිනි. 
ඒ අනුව තමන්ගේ වාහනයට ගොඩවූ මහින්ද කෙළින්ම නැවැතුණේ කොළඹ එක්තරා ස්ථානයක පිහිටි සුපිරි නිවෙස අසලය. 

ඒවන විටත් මෛත‍්‍රි එම නිවෙසට පැමිණ සිටි අතර එකිනෙකා පිළිගැනීමෙන් අනතුරුව දෙදෙනාම නිවෙසේ උඩුමහලේදී සාකච්ඡුාව වෙනුවෙන් සකස්කොට තිබූ කාමරයට ගොස් ඇත. ඒ අනුව වැසුණු කාමරයේ දොර ඇරුණේ හරියටම විනාඩි 25ක් ඉක්මයෑමෙන් අනතුරුවය. 

සාකච්ඡුාවෙන් අනතුරුව මහින්ද කෙළින්ම ප‍්‍රසන්නගේ නිවෙසටත්, මෛත‍්‍රි විජේරාම මාවතේ් තම නිවෙසටත් යෑමට කටයුතු කළ නමුත් සාකච්ඡුාවේ කිසිදු තොරතුරක් එළියට ලබා නොදීමට දෙදෙනාම එකඟ වී ඇත. ප‍්‍රසන්නගේ නිවෙසට පැමිණ භෝජන සංග‍්‍රහයට යළිත් එකතු වූ පසුවද මහින්ද සාකච්ඡුාවේ කිසිම තොරතුරක් එහි සිටි කිසිවකුට හෝ හෙළි කර නැත.

නමුත් පසුදා පුවත්පත්වල ”කතානායක නිල නිවෙසේදී” එම හමුව සිදුවූ බවට වාර්තා පළවිය. පුවත දැකීමත් සමඟ ඉහළින් ආ නියෝගය මත ජනාධිපති මාධ්‍ය අංශය සිකුරාදා උදෑසනම නිවේදනයක් නිතුත් කළ අතර
එහි දැක්වූයේ ”කතානායක නිල නිවෙසේදී” හමුවක් සිදුවු බවට පළ කළ පුවත්පත් වාර්තා අසත්‍ය බවය. 

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මාධ්‍ය සම්බන්ධීකාරකවරයාද ඒ හා සමාන ප‍්‍රතික්ෂේප මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

තොරතුරු- මවිබ්ම 28.06.2015

No comments:

Post a Comment

Post Bottom Ad