අංශභාග පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

අංශභාග පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ප්‍රථම වරට ඇරඹේ

ශ්‍රී ලංකාවේ අංශභාග රෝගීන් සඳහා ප්‍රථම වරට පුනරුත්තාපන මධ්‍යස්ථානයක් මඩකලපුවේ රජයේ රෝහලේ විවෘත කෙරුණු අතර දේශීය හා විදේශීය ආධාර ඇතිව මෙම පුනරුත්තාපන මධ්‍යස්ථානය පිහිටුවා ඇත.

රට පුරා රජයේ රෝහල් හයක පමණ අංශභාග රෝගීන් සඳහා වූ ප්‍රතිකාර අංශ පිහිටා තිබෙන නමුත් ඒ සඳහා විශේෂිත වූ පුනරුත්තාපන මධ්‍යස්ථාන මෙතෙක් නොතිබූ බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ජූඩි රමේෂ්කුමාර් පවසා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක සඳහන් සඳහන් වෙන පරිදි, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 110 දෙනෙකුගෙන් එක් අයකු අංශභාග රෝගයෙන් පීඩා විඳියි.

No comments:

Post a Comment

Post Bottom Ad