මේ දිනවල ෆේස්බුක් ඔස්සේ Malware Trojan ගනයේ වෛරසයක් ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.
මෙම වෛරසයයට ලංකාවේ බොහෝ පිරිස්ද ගොදුරු වී ඇති බව වාර්තා වනවා. ඒ නිසාම අප ඒ පිලිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළා
කාමුක වීඩියෝවක් නැරඹීම සඳහා Adobe Flash Player update එක ලබාගන්නා ලෙස මෙම වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. Adobe සමාගම විසින් නිකුත් කරන Flash Player update එකට බොහෝ සෙයින් සමාන වීමේ හේතුවෙන් බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වී තිබුණා.
මෙම වෛරසයට ගොදුරු වූ සැනින් එම පුද්ගලයාගේ යහළුවන් 20 කට ස්වයන්ක්‍රීයව එම වෛරසය සහිත සබැඳිය Tag වනු ලබනවා.
මෙම වෛරසයට ගොදුරු වීමෙන් පරිශීලකයන්ට යා යුතු වෙබ් අඩවි වෙනුවට වෙනත් වෙබ් අඩවි වෙත යොමු කිරීමත් ගිණුම් වල රහස් පද සොරා ගැනිමත් සිදුවනු ලබනවා.
වෛරසය ඉවත් කරගන්නා ආකාරය
මෙම වෛරසය ඉවත්කරගැනීම සදහා Antivirus මෘදුකාංගයෙන් Scan කිරීම ප්‍රමාණවත් නොවේ. පළමුව වෙබ් Browser යට ඔබ විසින් එකතු කරගත් Addon එක Browser > Settings>Extensions වෙත පිවිස ඉවත් කරගත යුතු අතර ඉන් පසුව ඔබේ පරිගණකයේ වෙනස් වූ DNS Settings මුල් තත්වයට පත් කරගත යුතුවේ.
DNS Settings වෙනස් කරගන්නා ආකාරය බලන්න පහතින්
https://developers.google.com/speed/public-dns/docs/using
Tuesday, February 10, 2015
කාමුක Facebook වෛරසයට ඔබත් අසුවුනාද.? ඉවත් කිරීමට මෙන්න පිළියම
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment