උපන්දාට පසුදා මෙළොව හැර ගිය මිනිස් මුහුණක් ඇති ඌරු පැටවා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

උපන්දාට පසුදා මෙළොව හැර ගිය මිනිස් මුහුණක් ඇති ඌරු පැටවා (PHOTOS)

මිනිස් මුහුණකට හැඩහුරුකම් දක්වන මුහුණක් සහිත ඌරු පැටවෙකු උපන් පුවතක් දකුණු චීනයෙන් වාර්තාවනවා. 

නැන්නින් ප්‍රදේශයේ ගොවිපළක උපන් මෙම ඌරු පැටවා පිළිබඳව ප්‍රචාරය වීමත් සමග විශාල පිරිසක් පැටවා නැරඹීමට පැමිණ තිබෙනවා. 

ඉන් සමහරු ඌරු පැටවා වෙනුවෙන් ඉහළ ලංසුද තබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ගොවි පොළේ හිමිකරු ඌරු පැටවාට කෙතරම් ඉහළ ලංසු ලැබුණද ඊට එකඟ වී නැත්තේ පැටවාට සංචාරකයින්ගේ ආකර්ශනය ලබා ගැනීමේ බලා පොරොත්තුවෙන්. එහෙත් එම සියළු බලාපොරොත්තු බිඳ දමමින් අලුත උපන් ඌරු පැටවා උපන්දාට පසුදා මෙළොව හැරගොස් ඇත. 





No comments:

Post a Comment

Post Bottom Ad