ඡේම්ස් පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (09 දා) කීවේය.
මම පැහැදිලිව කියන්න ඕන කැසිනෝ ලයිෂන් දුන්නෙ නැහැ කියල. සංචාරක ව්‍යාපාරයට අදාළ ආයෝජන ව්‍යාපෘති කිසිවක් නතර වන්නේ නැහැ. ඡේම්ස් පැකර්ට හෝටල් ව්‍යාපෘතියක් තිබුණේ නැහැ. මේක ජෝන් කීල්ස් ආයතනයේ ව්‍යාපෘතිය.
ඡේම්ස් පැකර් සහ ඒ අය අතර සාකච්ඡාවක් තිබුණ කැසිනෝ ගැන. මේක මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක්. ඒ අනුව 'වෝටර් ග්‍රාන්ට්" නම් වූ එම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් ආයතනයෙන් දිගටම කරගෙන යනවා. එය මේ රටේ ලොකු සමාගමක්.
ඒ අයට එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය සම්පූර්ණ සහාය දෙන බවද නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා කීවේය. එම හෝටල් ව්‍යාපෘතියේ කැසිනෝ නැති බව ඒ අය පිළිගෙන ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Tuesday, February 10, 2015
පැකර් අයින්වුනාට හෝටල් ව්‍යාපෘතිය තවම යනවාලු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment