වැද්දන්ට හරීන්ගෙන් නව නිවාස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

වැද්දන්ට හරීන්ගෙන් නව නිවාස

මහියංගන දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් නව නිවාස 20 ක් ඇතුළු සහන රැසක් ලබාදීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

මේ යටතේ ආදිවාසී පවුල් 20 ක්  වෙනුවෙන් නිවාස 20 ක් සනීපාරක්ෂක වැසිකිළි 20 ක් සඳහා සෙවිලි තහඩු ඇතුළු සනීපාරක්ෂක උපකරණ කට්ටල, පොදු ළිං 20 ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යාධාර ඇතුළු සහන රැසක් ලබා දී ඇත.

දඹාන ආදිවාසී තරුණ සංවිධානයේ නියෝජිත පිරිසක් ඌව පළාත් සභාවේදී ප්‍රධාන අමාත්‍යවරයා හමු වී කළ විශේෂ සාකච්ඡාවකින් පසු මෙම සහන ලබාදීමට එකඟ වී ඇති අතර ඉදිරියේදී එම ජනතාවගේ ගැටලු පිළිබඳව වැඩිදුරටත් සොයාබැලීමෙන් පසුව අවශ්‍ය වෙනත් පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව ද ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පැවසීය.

සටහන හා ඡායාරූප - බෝගොඩ - රත්නායක


No comments:

Post a Comment

Post Bottom Ad