එජාප ප්‍රබලයන්ගේ වංචා සොයන්න ශ්‍රීලනිපයෙනුත් කණ්ඩායමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

එජාප ප්‍රබලයන්ගේ වංචා සොයන්න ශ්‍රීලනිපයෙනුත් කණ්ඩායමක්

වත්මන් රජයේ ඇමැති තනතුරු දරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පසුගිය 2001 - 2004 එක්සත් ජාතික පෙරමුණ රජය සමයේ සිදුකළ වංචා දූෂණ සෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් සිය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු  නියෝජිතයන් දස දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මීට අයත් වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එම පාර්ලිමේන්තු නියෝජිත පිරිස සොයා ගන්නා කරුණු මත ඉදිරියේදී වත්මන් රජයේ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට එරෙහිව විධිමත් අයුරින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පැමිණිලි ගොනු කරන බවද හෙතෙම කීය.

මෙම පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැනට සොයාගෙන තිබෙන කරුණු මත මෙම සතිය ඇතුළත එජාපයේ ප්‍රබලයන් දස දෙනකුට එරෙහිව අල්ලස් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිපිගොනු සූදානම් කර ඇත.

වත්මන් අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කෝප් වාර්තාවද පදනම් කර ගනිමින් ඉහත එජාප ප්‍රබලයන්ට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතය.

සමන් ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad