ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින්, සේවකයන් දොළොස් දෙනකු හේතු රහිතව වැඩ තහනම් කර හා සේවයෙන් ඉවත් කිරීම් කර ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
ජාතික රූපවාහිනියේ පාලනාධිකාරිය සහ ජාතික සේවක සංගමය රූපවාහිනී ආයතනය තුළ සිදු කරන හා සිදු කරමින් ඇති සියලුම දේශපාලන පළිගැනීම් නවත්වන්නැයිද සංගමයේ සභාපති සුනිල් දිසානායක මහතා නියෝගයක් නිකුත් කරමින් කියා ඇත.
මෙම සංගමයේ සභාපති සුනිල් දිසානායක මහතාද මේ වන විට වැඩතහනමට ලක්ව ඇත. සමහර අයට සේවයට නොඑන ලෙස තර්ජනාත්මක බලපෑම් සිදු කරමින් සිටින බවද එමෙන්ම, ආයතනයේ කීර්තිමත් වැඩසටහන් නිෂ්පාදකවරු,සහකාර අධ්‍යක්ෂවරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු අංශ ප්‍රධානීන් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද අත්තනෝමතික ලෙස ස්ථාන මාරුකිරීම් සිදුකර ඔවුනට කිසිදු වගකීමක් ලබා නොදී පළිගැනීම්වලට ලක්කර ඇතැයිද එහි සඳහන් කර ඇත.
මෙම ක්‍රියාකාරකම් බොහෝමයක් සිදු කරනු ලැබුවේ පශ්චාත් මැතිවරණ කාලයේදී වීම විශේෂත්වයකි. එමෙන්ම මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා, මානව හිමිකම් කොමිසම.
වර්තමාන ජනාධිපතිතුමන්, විපක්ෂ නායකතුමන් හා විෂයභාර අමාත්‍යතුමන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් දැනුවත් කළ ද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙනනොමැති බවද ලිපියෙහි පෙන්වා දී ඇත.
දයා සෝමසිරි
Tuesday, February 10, 2015
ජාතික රූපවාහිනියේ 12 දෙනකුගේ වැඩ තහනම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment