කැලණිය, ගම්පහ සභාපතිවරුන්ට සිතාසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

කැලණිය, ගම්පහ සභාපතිවරුන්ට සිතාසි

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සහ ගම්පහ නගර සභාවේ සභාපති එරංග සේනානායක මහත්වරුන්ට වහාම මානව ශ්‍රී ලංකා හිමිකම් කොමිසම හමුවේ පෙනීසිටින්නැයි ද්න්වා එම කොමිසම විසින් අද (10) සිතාසි නිකුත් කර තිබේ.

ඒ ජනතා විමුක්ති පෙරමු‍ණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ එම මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් ගොණු කළ පෙත්සම අද විභාගයටත් ගත් අවස්ථාවේදීය. එම විභාගය සඳහා අදළ සභාපතිවරුන් දෙදෙනාද කැඳවා තිබූ නමුත් ඔවුන් අද සහභාගී වී නැත.

ගම්පහ මහ නගරසභාවේ සභාපතිවරයා නාගරික කොමසාරිස්වරයා මගින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් තමන් සහභාගී නොවන බව දන්වා තිබී ඇති අතර කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙත්සම් විභාගයට නොපැමිනෙන බව දන්වා තිබී නැත. 

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල, නීතීඥ ලාල් කුමාර පේලි යන අයත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාත් සහභාගී වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ රැලි මාලාවට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ කැලණිය සහ ගම්පහ රැලි සඳහා තමන් විසින් ඉල්ලා තිබූ ගම්පහ දුම්රිය පොළ ඉදිරිපිට භූමිය  හා කැලනිය ප්‍රාදේශීය සභාවට අයිති පොදු වෙළෙඳපොල ඉදිරිපට භූමිය තමන්ට ලබා නොදී වෙනත් දිනයක මහින්ද රාජපක්ෂ මහතාගේ රැලි සඳහා ලබා දුන් බව පවසා මෙම පෙත්සම ගොනු කෙරිණි.

ජනවාරි 05වනදා පළමු විභාගය පවත්වා ඇති අතර ඊටද අදාළ සභාපතිවරුන් සහභාගී වී නැත නැවද අද දෙවන දනටත් විභාගය පවත්වා තිබේ. ඊටද ඔවුන් සහභාගී වී නැත.

කිසිම හේතුවක් නොදන්වා එම විභාගය සඳහා නොපැමිණි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව ලිඛිත නියෝගයක් ලබාදෙමින් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ මෙම නොපැමිණිම සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත කරුණු දැක්විය යුතු ලෙසත් ශ්‍රේෂ්ඨාධිරකරණයට කරුනු නොදන්වා සිටීමට කරුණු දැක්විය යුතු ලෙසත්ය.

කෙසේනමුත් විභාගය යන අතරතුර පෙරවරු 11.45ට පමණ ප්‍රසන්න රණවීර මහතා පැමිණ ඇති නමුත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා නියෝග කර ඇත්තේ පැමිණීමට දන්වා ඇති වේලාව ඉක්මවයා බොහෝ වේලාවක් ගිය පසු මොහු පැමිණි හෙයින් වහාම ක්‍රියාත්මකවන පරිදි මොහුව එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි. ඒ අනුව ප්‍රසන්න රණවීර මහතා ඉන් ඉවත් කර තිබේ.

පසුව මානවහිමිකම් කොමිසමේ සභාපතිවරයා දෙපාර්ශවයටම දන්වා ඇත්තේ ඉදිරියටත් මෙම නඩුව පවත්වාගෙන යාමට අවශ්‍යනම් ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසය. 

ඊට අමතරව ලබන 17වනදාට සියලුම පළාත් සභාවල පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරුන්, මධ්‍යම ආණ්ඩුවේ පලාත්පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, සියලුම පලාත් පාලන කොමසාරිස්වරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් ආදී සියලු කණ්ඩායම් කැඳවා ඉදිරියටත් මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමටද තීරණය කර තිබේ.

lankatruth ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad