ඇමරිකානු ඩොලරය අතහැර දමා රුසියාව හා ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික ගණුදෙනු දේශීය මුදල් ඒකකවලින් සිදුකිරීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි වාර්තා වේ.ඔහු පවසා ඇත්තේ ඩොලරය අතහැර දැමීම පිළිබඳව දෙරට අතර සක‍්‍රියව සාකචඡ කෙරී ඇති බවයි. පුටින් මේ බව පවසා ඇත්තේ සිය දෙදින ඊජිප්තු සංචාරය ආරම්භ කිරීමට පෙර ඊජිප්තු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
රුසියානු ජනාධිපතිවරයා එහිදී ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි හමුවිමට නියමිතය. මෙම පියවර මගින් දෙරට අතර වෙළඳාමේ සහ ආයෝජන සහයෝගිතාවයේ නව දොරටු විවර වනු ඇති බවත් ලෝක වෙළඳපොළවල වත්මන් ප‍්‍රවණතා මත රඳා පැවතීම සීමා කරගත හැකිවනු ඇති බවත් ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
මේ වන විටත් ස්වාධීන රටවල පොදු රාජ්‍ය මණ්ඩලය හා චීනය සමග ගණුදෙනු දේශීය මුදල් ඒකක වලින් සිදුකරන බව ඔහු දක්වා ඇත.
පසුගිය වසර කිහිපය තුළ ඊජිප්තුව හා රුසියාව අතර සහයෝගිතාවය වර්ධනය වූ අතර 2014 වසරේදී 50%ක පමණ වර්ධනයක් අත්පත් කරගනිමින් ඩොලර් බිලියන 4.5 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ.
රුසියාව ඊජිප්තුවේ තිරිගු පරිභෝජනයෙන් 40%ක් සපුරන අතර ඊජිප්තුව විසින් පළතුරු සහ එළවළු රුසියාව වෙත අපනයනය කරනු ලබයි.
රුසියාව විසින් බටහිර රටවලට කෘෂි අපනයන අත්හිටවූ පසු ඊජිප්තුව රුසියානු කෘෂි නිපැයුම් මිලදී ගැනීම 30%කින් වැඩිකිරීමට සූදානම් බව පවසනු ලැබිණි.
No comments:
Post a Comment