පිටසක්වළ ජීවීන්ට මෙහි එන්නැයි කියා පණිවුඩ යැවීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

පිටසක්වළ ජීවීන්ට මෙහි එන්නැයි කියා පණිවුඩ යැවීමේ සැලසුමක්

ජීවය පැවතිය හැකි ග‍්‍රහලෝක පිහිටා ඇති තාරකා පද්ධති ඉලක්ක කරගනිමින් පෘථිවිය පිළිබඳ තොරතුරු ඇතුළත් පණිවුඩයක් සම්පේ‍්‍රෂණය කිරීම පිළිබඳව ඇමරිකානු තාරකා විද්‍යාඥයින් රැසකගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

කැලිෆෝනියාවේ පිහිටා ඇති පිටසක්වළ ජීවය සොයන ආයතනයේ ප‍්‍රධාන විධායක තාරකා භෞතික විද්‍යාඥ ඬේවිඞ් බ්ලැක් පවසා ඇත්තේ පිටසක්වළ ශිෂ්ඨාචාර ගණනාවක් විසින් මේ මොහොතේදීත් සවන් දෙමින් සිටිනු වුවත් කවරෙකුහෝ සම්පේ‍්‍රෂණය නොකරන්නේ නම් කිසිවක් සිදු නොවන බවයි.

මේ නිසා මිනිස් වර්ගයාගේ තොරතුරු ඇතුළත් පණිවුඩයක් නිරන්තරයෙන් රේඩියෝ දුරේක්‍ෂ භාවිතයෙන් තාරකා වෙත යැවීමට යෝජනා වී ඇති අතර මේ සඳහා ආලෝක වර්ෂ 20ක සීමාවේ පිහිටා ඇති තාරකා පද්ධති තෝරා ගැනෙනු ඇත.

එලෙස සම්පේ‍්‍රෂණය කරන පණිවුඩය කුමක් විය යුතුද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර විකිපීඩියා වෙබ් අඩවියම එලෙස යැවිය යුතු යයිද යෝජනා වී ඇතැයි පැවසේ.

කෙසේවෙතත් ඇතැම් තාරකා විද්‍යාඥයින් මෙම සැලැස්මට විරෝධය පළ කර ඇතැයිද වාර්තා වේ.  2010දී මේ පිළිබඳ වාර්තා වැඩසටහනක් සැකසූ තාරකා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණීම කොළොම්බස් ඇමරිකාව සොයාගැනීමට සමාන වනු ඇති බවයි.

එහි යහපත් ප‍්‍රතිඵල මෙන්ම අයහපත් ප‍්‍රතිඵලද බොහෝ විය හැකි බව ඔවුන් පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad