ඇමරිකාව තුළ වයස අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන් අංග ෙඡ්දනයට ලක්වීම හෝ එහි අවදානමට මුහුණදීම තුන්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
2013 වසරේ ඇමරිකානු ප‍්‍රජා සමීක්‍ෂණය හා සංක‍්‍රමණිකයන් පිළිබඳ දත්ත විශ්ලේෂණය කළ ජනගහන විමසුම් ආයතනය පවසා ඇත්තේ එවැනි කාන්තාවන් ලක්‍ෂ 5ක් පමණ මේ වන විට සිටින බවයි.
ඊට එකග වෙමින් 1990 ඇමරිකානු ජන සංගණන දත්ත වලට අනුව 1997දී 168000ක් අංගෙඡ්දනයට ලක්වූ හෝ අවදානමට මුහුණදී සිටින කාන්තාවන් ප‍්‍රමාණය මේ වන විට 513000 දක්වා ඉහළ ගොස් ඇති බව ඇමරිකානු වසංගත පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින්ද පවසා තිබේ.
මෙවැනි කාන්තාවන් වැඩියෙන්ම ජීවත්වන්නේ නිව්යෝක් හා වොෂින්ටන් නගර තුළ බව පැවසේ. තෙවන ස්ථානය මිනෙපොලිස් වෙත හිමිවී ඇති අතර එහි ජීවත් වන සෝමාලි සංක‍්‍රමණිකයින් එයට ප‍්‍රධාන හේතුවයි.
ජනගහන විමසුම් ආයතනයේ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක චාලට් ෆීල්ඞ්මන් ජේකබ්ස් පවසා ඇත්තේ දශකයක් තුළ මෙවැනි ඉහළ යාමක් වාර්තා වීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කාන්තා අංග ෙඡ්දනය සිදුවන රටවලින් ඇමරිකාවට සංක‍්‍රමණය වීම වර්ධනය වීම බවයි.
මෙම පිළිවෙතේදී යෝනියේ බාහිර කොටස් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කපා ඉවත් කරන අතර එය සෞඛ්‍යාරක්‍ෂිත නොවන ක‍්‍රම භාවිතයෙන් හා එවැනි දැනුමක් නොමැති පුද්ගලයින් විසින් සිදුකරන හෙයින් ඉතාමත් අනතුරුදායක බව පැවසේ. ඇමරිකාව තුළ 1996දී කාන්තා අංගෙඡ්දනය තහනම් කරනු ලැබිණි.
Tuesday, February 10, 2015
ඇමරිකාව තුළ කාන්තා අංග ෙඡ්දනය තුන්ගුණයකින් ඉහළට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment