හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී එළඹීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළොන්න ආසනය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරයා නායකත්වය උසුලන මහජන එක්සත් පෙරමුණේ "රෝදය" සළකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවත් අදාළ මාතෘකාව පිළිබඳ මේ වන විට සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවත් ඒ සඳහා සහභාගී වූ දේශපාලනඥයෙකු පවසා සිටියේ ය.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන්ගේ බලකොටුව ලෙස හඳුන්වන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම මැතිවරණය සඳහා තරඟ වදිනු ඇති බව හා ප්‍රබල එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරනු ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හිටපු ජනපතිවරයා සන්ධානයේ අගමැති අපේක්ෂකයා විය යුතු බවට දැනටමත් ප්‍රකාශ කොට ඇත.
එසේ වුවත් ඊයේ දින තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ජනපති වරයා කියා සිටියේ මහ මැතිවරණය සඳහා කිසිවෙකුත් තමන්ට ආරාධනා නොකල බව ය.
අදාල පුවත පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා පවසා සිටියේ ය.
asianmirror ඇසුරෙනි
Tuesday, February 10, 2015
හිටපු ජනපති කොළොන්න ආසනයෙන් මහ මැතිවරණයට! ලකුණ 'රෝදය'
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment