ඔහු මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරෙකි. කේම්බ්‍රිජ්හි වත්මන් ආදිපාදවරයාද වෙයි. හේ නමින් විලියම් ආතර් පිලිප් ලුවිස්ය. ඔහුගේ දෙටු පුත් ජෝර්ජ් කුමරුද මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරෙකි.
එහෙත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුන් දෙදෙනෙක් කිසිදු විශේෂ ආරක්ෂාවක් නොමැතිව, සාමාන්‍ය ගුවන් යානයකින් ගමන් කිරීම සාමාන්‍ය දෙයක් වුවද බටහිර මාධ්‍යට එවැනි ඡායාරූප සහ පුවත් ඉතා වටින්නේය.
ඩේලි මේල් වෙබ් අඩවිය ඊයේ (09) දිනයේදී විලියම් කුමරු, කේට් කුමරිය සහ ජෝර්ජ් කුමරු කැරිබියන් දූපත්හි නිවාඩුවක් ගතකොට ආපසු ලන්ඩනය බලා ඒමට, බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානයකට සාමාන්‍ය මගීන් හා එක්ව ගොඩවන අයුරු පළකර තිබේ.
ඒ විලියම් කුමරු තම බෑගය තමන්ම රැගෙන සත්මස් ගැබිණියක් වන කේට් කුමරිය ජෝර්ජ් කුමරු ඇකයේ හොවාගෙන සාමාන්‍ය මිනිසුන් ලෙස ගමන් ගන්නා බව ශීර්ෂ පාඨයෙන්ද හඟවමිනි.




No comments:
Post a Comment