ජාත්‍යන්තර ණය දෙන ට්‍රොයිකාව සමග සහයෝගිතාවය අත්හරින බව ග‍්‍රීසියේ මැතිවරණයෙන් බලයට පත් නව වාමාංශික රජය විසින් ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
පෙබරවාරි මස අවසන් වන තමන්ගේ ණය පැකේජය යළි දීර්ඝ නොකිරීමටද ඔවුන් තීරණය කර තිබේ.
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපා සංගමය යන සංවිධාන ත‍්‍රිත්වය සමග සහයෝගිතාවය අත්හරින බව පවසා ඇති ග‍්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස් පවසා ඇත්තේ තම ණය පිළිබඳව යුරෝ කලාපයේ රාජ්‍ය නායකයින් සමග වෙනම සාකච්ඡ කිරීමට පියවර ගන්නා බවයි.
සයිරිසා පක්‍ෂය වෙත ග‍්‍රීක ජනතාවගේ විශ්වාසය හිමිවූයේ මෙම ස්ථාවරය හේතුවෙන් බවද ඔහුගේ අදහසයි.වරුෆාකිස් මේ බව පවසා ඇත්තේ යුරෝ කලාප මුදල් අමාත්‍යවරුන්ගේ කණ්ඩායමේ ප‍්‍රධානි යෙරෝන් යිසෙල්බ්ලොයෙම් සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
රජයක් ලෙස තමන්ගේ පළමු කාර්යය වනුයේ ණය පැකේජය දීර්ඝ කරන ලෙස ඉල්ලීම මගින් එය ප‍්‍රශ්න කිරීමට ඇති තර්කයම අහිමි කරගැනීමෙන් වැළකී සිටීම බවයි.
වරුෆාකිස් සහ යිසෙල්බ්ලොයෙම් අතර මෙම හමුව ලබන සතියේදී ඇරඹීමට සැලසුම් කර තිබෙන නව ග‍්‍රීක අගමැති ඇලෙක්සිස් ස්පිරාස්ගේ ලන්ඩන්, පැරිස් හා රෝම සංචාරයට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම අරමුණු කරගත්තක් බව පැවසේ.
ග‍්‍රීසිය විසින් ලබාගත් අති දැවැන්ත යුරෝ බිලියන 240ක ණය සඳහා පැණවුණු කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා උත්සහ දරන බව ග‍්‍රීක රජය පවසා තිබේ.
Tuesday, February 10, 2015
ග‍්‍රීක රජය ණය දෙන ට්‍රොයිකාව සමග සහයෝගිතාවය අත්හරී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment