ගිය ආණ්ඩුවේ කම්බ හොරු මේ ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ ඉන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.
‘දැන් යහපාලනය කියල කරන්නේ හොරු අල්ලනවා කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන එකයි. දැන් මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ආණ්‌ඩුව පත්වෙච්ච ගමන් ආණ්‌ඩුවේ ඇමැතිවරු කියන්න ගත්තා විශේෂයෙන් චම්පික රණවක ඇමැතිවරයා ජනතාවට කිව්වා හොරු අල්ලගන්න තොරතුරු දෙන්න කියලා.
නමුත් ඡන්දෙට කලින් ඔහුම කිව්වා සොරකම්වල ෆයිල් ඔහු ගාව තියෙනවා කියලා. කෝ දැන් ඒ ෆයිල්? මේ ගොල්ලො කියන විධියට මේ හොරකම්වල ලොකුම හොරා හිටපු ජනාධිපතිනේ. එතකොට ඒ පුද්ගලයා තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක.
එතකොට කාවද අල්ලන්නේ? ඊළඟ කාරණය තමයි දැන් මේ හොරකම් කළැයි කියල චෝදනා ලබපු අය මේ ආණ්‌ඩුවෙත් ඇමැතිකම් ලබාගෙන හොරු ඇල්ලීමේ කමිටුවලටත් පත්වෙලා ඉන්නවා. ඉතින් කාවද අල්ලන්නේ? අනික මේ හොරකම් අල්ලන්න යන්නේ තෝරාගත් කාල පරිච්ඡේදයක ඒවා පමණයි.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඡන්දෙට කලින් ෆයිල් පෙන්වලා කට්‌ටිය මෙල්ල කරන්න හැදුවා. දැනුත් මේ යන්නේ ඒ ෆයිල් පෙන්නලා තවත් කීපදෙනෙක් අවනත කරගෙන තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගන්න. එතන තමා ප්‍රශ්නෙ තියෙන්නේ. හොරු අල්ලන්න ඕන.
යහ පාලනයත් ඇති කරන්න ඕන. ඒ වගේම ඉදිරියේදී හොරකම් සිදු නොවීමට සහතිකයක් දෙන්න ඕන. මේ ඡන්දවලට ඉදිරිපත් වන අයගේ වත්කම්, බැරකම් ඕනෑම කෙනකුට ලබාගත හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ භාර දෙන්නේ මැතිවරණ කොමසාරිස්‌වරයාටයි. ඒවා මහජනතාවටත් බලන්න අවස්‌ථාව තිබිය යුතුයි’
– දිවයින
Tuesday, February 10, 2015
ගිය ආණ්ඩුවේ කම්බ හොරු මේ ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ ඉන්නවා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment