මිදි යුෂ හෝ රතු වයින් පානය කිරීමෙන් හෝ රතු මිදි ආහාරයට ගැනීම මගින් තරබාරු පුද්ගලයින්ට ඔවුන්ගේ සිරුරේ මේද දහනය කිරීමට පහසුවක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මීට අමතරව අක්මාවේ මේද තැන්පත් වීම වැනි පරිවෘත්තීය ක‍්‍රියාවලියේ ගැටළු විසඳීම සඳහාද මෙමගින් සහය ලැබෙන බව හෙළිවී ඇත.
මේ සඳහා පර්යේෂණාගාරයක් තුළ වගා කරන ලද මිනිස් අක්මා ෙසෙල හා මේද ෙසෙල මුස්කැඞීන් මිදි වල අඩංගු රසායනිකයන් 4කට විවෘත කර තිබේ.
එහිදී තහවුරු වී ඇත්තේ එලජික් අම්ලය ඉදිරියේදී මේද ෙසෙල වර්ධනය හීන වන අතර අක්මාවේ මේද අම්ලවල පරිවෘත්තීය ක‍්‍රියා වේගවත් කරන බවයි.
මේ අතර මිදිවල අඩංගු රසායනිකයන් සිරුරේ බර අඩු කරන ඇස්බැන්දුමක් ලෙස නොසිතිය යුතු බව ඔරිගන් රාජ්‍ය විශ්වවිද්‍යලයේ කෘෂි විද්‍ය පාසලේ ජෛව රසායන විද්‍යඥයෙකු සහ අණුක ජීවවිද්‍යඥයෙකු වන නීල් ෂේ පවසා තිබේ.
පර්යේෂණ වාර්තාවේ ප‍්‍රධාන කතෘවරයාද වන ඔහු සඳහන් කර ඇත්තේ අක්මාවේ මේද දහනය වේගවත් කර ස්ථුල පුද්ගලයින්ගේ අක්මා ක‍්‍රියාකාරීත්වය ඉහළ නැංවිය හැකි බවයි.
මෙම පර්යේෂණය මගින් 2013දී මීයන්ගේ ආහාරවේල් පිළිබඳව ෆ්ලොරිඩා හා නෙබ‍්‍රාස්කා විශ්වවිද්‍යලයන් විසින් සිදුකළ පර්යේෂණයක නිගමන තහවුරු කර තිබීම තවත් විශේෂත්වයකි.
මෙම ප‍්‍රතිඵල මගින් ඖෂධ ලබාගන්නා රෝගීන්ට ඒ සඳහා දායකත්වය සපයන ආහාර ලබාදීමේ හැකියාව ලැබෙන බව ෂේ ගේ අදහසයි.
Monday, February 9, 2015
මිදි වයින් පානය අක්මාවට හොඳලූ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment