ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ගේ ඔළුවේ අං ඇවිල්ලාදැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක ප‍්‍රශ්ණ කරයි.
‘රාජ්‍ය සේවකයට අයවැයෙන් බරපතළ අසාධාරණයක් කළා. අද රාජ්‍ය සේවකයට වුණේ රන් බිජු ගන්න කිකිළියගෙ බඩ පැළුවා වගේ දෙයක්.
මේ අය-වැයෙන් රාජ්‍ය සේවකයගේ රුපියල් 2200ක ඇරියස් එක ලැබෙන්නෙත් නැහැ. වැටුප් වැඩිකිරීම පට්ටපල් බොරුවක්. ඒකෙන් කිකිළි දවසකට දාපු රත්තරන් බිජුවත් නැති වුණා.
මේ අය-වැය කරතියාගෙන ගියපු ජවිපෙ පාර්ලිමේන්තුවෙනුත් පැනලා ගියා. විජිත හේරත් මහත්තයා කිව්වා දියුණු අය-වැයක් කියලා. ඔළුව අතගාලා අං ඇවිත්ද කියලා මං විජිත හේරත් මහත්තයාට කියනවා’ යයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කීය.
Monday, February 9, 2015
විජිත හේරත්ට අං ඇවිල්ලද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment