වොෂින්ටනය පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍ය සංවිධානයක් වන The International Consortium of Investigative Journalists විසින් රහසින් ලබාගෙන එළිදක්වා තිබෙන 100,000 කට අධික නවතම බැංකු ගිණුම් වාර්තා වලින් හෙළිව තිබෙන්නේ මෙම ගිණුම් අතර ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කමක් ඇති ගනුදෙනුකරුවන් 92 කට අයත් බැංකු ගිණුම් 129 ක් ස්වීස් බැංකුවක තිබෙන බවයි.
මේ අනුව, ලොව සුපතල HSBC හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ස්විට්සර්ලන්තය මධ්‍යස්ථානය කරගත් HSBC Private Bank නැමති බැංකුවේ මෙම ගිණුම් තිබෙන අතර මේවා අතරින් වැඩිම තැන්පතුවක් කර තිබෙන ගිණුමේ තිබෙන තැන්පතු ප්‍රමාණය ඩොලර් මිලියන 10.6 ක් පමණ වනබව අනාවරණය වේ. (මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 1.4 කට අධිකය.)
හෙළිවන ආකාරයට ශ්‍රී ලංකාවට සම්බන්ධ කමක් දක්වන මෙම ගිණුම් වල ඩොලර් මිලියන 58.6 කට ආසන්න මුදල් ප්‍රමාණයක් (රුපියල් බිලියන 7.8 කට අධික මුදලක්) තැන්පත් කර තිබෙන අතර ලංකාව සමග සම්බන්ධකමක් දක්වන ගිණුම් වලින් සියයට 18 ක් පමණ තිබෙන්නේ මෙරට ගමන් බලපත්‍රයක් හෝ ජාතිකත්වය ඇති පුද්ගලයින්ටයි.
බොහෝ ගිණුම් පුද්ගලයින්ට අයත් බවත් කිහිපයක් පමණක් අක්වෙරළ සමාගම් (offshore companies) වලට අයත් බවත් සඳහන්ය. The International Consortium of Investigative Journalists පවසන්නේ සියළුම ස්වීස් බැංකු ගිණුම් නීති විරෝධී ඒවා නොවන බවයි.
ස්වීස් බැංකුව පසුකාලීනව සිය සමූහයට එක්වූ අංශයක් වන බවත් එහි තත්ත්වය HSBC බැංකු සමූහයේ තත්ත්වයට වඩා අඩු බවත් HSBC විසින් බ්‍රිතාන්‍යය ගාඩියන් පුවත් පතට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
– adaderanabiz.lk
Tuesday, February 10, 2015
ලංකාවේ අය ස්වීස් ගිණුම් වලට සල්ලි ඇද්දේ මෙහෙමයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment